අවම සතියකට වරක් භාවිත කර ඔබේ මුහුණ ස්වභාවිකව වසර 10කින් තරුණ වන අන්දම අත්විඳින්න....

ඔබ කවදා හෝ පුදුමයට පත්වී තිබෙනවාද අවපැහැ වූ හෝ දුර්වර්ණ වූ සමක් ඇති ජපන් ස්ත්‍රීන් නොමැති තරම් වන බව දැක?ඔවුන්ගේ පෙනුම ඔවුන්ගේ වයසේ බලපෑමකින් තොරව යහපත් හා  දීප්තිමත් අන්දමින් පවතිනවා.ඔවුන්ගේ සමේ  පැහැය සහ ස්වභාවය වයස අවුරුදු 30 ආරම්භයේ සිට අවුරුදු 50 දක්වාම එකම අලංකාර තත්වයෙන් පවතිනවා.මේ නිසාම ජපන් කාන්තාවන්  ඔවුන්ගේ නිකැළැල්,තරුණ,තෙත සහිත හා කාන්තිමත් සම  හා සම්බන්ධව ප්‍රසිද්ධියක්ද උසුලනවා.තවද ඔවුන් ඡායාරූපවල දීප්තිමත්ව ඉස්මතුවී පෙනීමට හේතුවත් ඔවුන් සතු ආකර්ශනීය ආසියානු සමයි.
සැබවින්ම  ඔවුන්ට තමන්ගේ පෝසිලීන් බඳුන් මෙන් දිදුලන දීප්තිමත් සම වයස්ගත වීමත් සමඟ නියතව පවත්වාගැනීමට හැකිවී තිබෙන්නේ කෙසේද? තරුණ සහ ශෝභන සම ආරක්ෂා කරගැනීමට ඔවුන් අපට වඩා වෙනස්ව සිදුකරන ක්‍රියාපිළිවෙත්  මොනවාද?රහස ඇත්තේ ඔවුන් භාවිතා කරන සුවිශේෂිත තෙත් කාරකයේ(moisturizer) සහ පවිත්‍රකාරකයේයි(cleanser).මේ සංයෝගයට  සාමාන්‍ය තෙත් කාරක සහ පවිත්‍රකාරකයන්ට වඩා වැඩි ආවරණ හැකියාවක් සහ සමේ පොතු ගලවීයාමේ ස්වභාවය අවම කිරීමේ හැකියාවක් තිබෙනවා.නමුත් ජපන් ස්ත්‍රීන් සතු මේ අලංකාර සමට හේතුව ජානමය බලපෑමක්,නැතිනම් ආසියානුවන් සතුව ඇතැයි පැවසෙන "රම්‍යතා ජානය "  (“beauty gene”) හි බලපෑමක් බව සම්පූර්ණ දුර්මතයක් බව නම් විශේෂයෙන් සඳහන් කල යුතුයි.

ජපන් ස්ත්‍රීන්ගේ රුව රක ගැනීමේ රහස දැන් හෙළිදරවු කිඊමටයි සූදානම.බොහෝ කරුණු ඔබව පුදුමයට පතකරනවා නියතයි.

සාම්ප්‍රදායිකව ගේෂා ස්ත්‍රීන් සහල් කුරුට්ට(දහයියා) ඔවුන්ගේ සම සහ හිසකෙස් මෘදු කිරීමට යොදාගෙන තිබෙනවා.ඔවුන් හිසකෙස් සේදීමට සහල් සේදූ ජලය භාවිත කර තිබෙනවා.එමෙන්ම ඒත් සමගම ඔවුන් තවත් ප්‍රබල සංයෝගයක් භාවිත කර තිබෙනවා සහ එමගින් එය ප්‍රභල ස්වභාවික සුසිනිඳු  කාරකයක් සහ ප්‍රතිඔක්සිකාරකයක් පබවට පත්වී තිබෙනවා.
සහල්වලට පාරජම්බුල කිරණ (UV-Ultra Violet)වලින් සිදුවන හානියෙන් ආරක්ෂා කෙරීමේ හැකියාව පවතිනවා.එය සම රැලි වැටීම  වලක්වා සම පෝෂණය කරනු ලබනවා.ඒ හේතුවෙන්ම ඔබට නිකැළැල් පැහැපත් සමක් අවශ්‍යනම් ඔබ සහල් භාවිත කලයුතු වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:
*සහල් - මේස හැඳි 2-3

*කිරි - මේස හැඳි 1

*මී පැණි - මේස හැඳි1

සාදාගන්නා ආකාරය:

*සිසිල් ජලයෙහිලූ සහල් මධ්‍යම ප්‍රමාණයේ උණුසුම තෙක් පිසගන්න.

*සහල් ඉදුනු පසු දියරය පෙරා වෙන්කරගන්න.

*හොඳින් තැම්බුනු පෙරාගත් සහල් සිසිල් ජලයෙන් සෝදා උණුසුම් කිරි මේසහැඳි 1ක් එකතු කර හොඳින් මතගාගන්න.

*පසුව මීපැණි මේස හැඳි 1ක් එකතු කරගන්න.

දැන් ඔබේ මුව සහ ගෙල පෙදෙස හොඳින් පිරිසිදු කරගෙන මුහුණ මත  මේ මිශ්‍රණය හොඳින් ආලේප කර සම ආවරණය කරගෙන මිනිත්තු30 සිට 60දක්වා කාල පරාසයක් තබාගන්න.පසුව මුලින් පෙරා වෙන්කරගත් සහල් තම්බන ලද ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

අමතර කරුණු:

සහල් තම්බන ලද ජලය ශීතකරණයේ දින 4ක් දක්වා කල්තබාගත හැකි අතර එය ඔබේ මුහුණ වර්ණකකාරකය(facial toner) ලෙස උදේ සහ සවස භාවිතයට ගතහැකියි.එමෙන්ම එය ශීතකර අයිස් කැටිති බවට පත් කර ඔබේ මුහුණ සම්භාහනයටද යොදාගතහැකියි.
 
මුලාශ්‍රය : healthyrecipeshome.com


Share on Google Plus

About NDG

0 comments:

Post a Comment