ඔබේ ශරීරයේ මේ ස්ථාන 4 සම්භාහනය කර ශීග්‍රයෙන් බර අඩු කරගන්න....
කටු චිකිත්සාව සංකීර්ණ වෛද්‍ය විද්‍යාත්මක ශිල්පක්‍රම විශාල ප්‍රමාණයක එකතුවෙන් බිහි වූවකි .එය පදනම්ව ඇත්තේ සෑම අභ්‍යන්තර අවයවයක්ම එකම ශක්ති නාලිකාවකට සම්බන්ධය යන න්‍යාය මතයි.මේ සෑම ශක්ති නාලිකාවක්ම දේහයේ විවිධ ස්ථාන කේන්ද්‍රගතව සම්බන්ධව තිබෙනවා .මේ ස්ථාන සම්භාහනය කලවිට ඒම ස්ථානයට අදාළ ශක්ති නාලිකාව ඔස්සේ සම්බන්ධ අවයවයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වීම සිදුවෙනවා.
මේ උපක්‍රමය අතීතයේ සිටම බොහෝ ලෙඩරෝග සුව කිරීමට යොදාගෙන තිබෙනවා.මේ අතරින් දේහෙයේ බර අඩු කරගැනීමට සම්භාහනය කල යුතු ස්ථාන හතරක් පිළිබඳව දැක්වෙනවා.එමගින් ඔබේ දේහයේ පරිවෘතිය ඉහල දමන අතර එමඟින් අතිරික්ත මේදය දහනය කොට ඉවත්කරදමනු ලබනවා.තවද මේ හේතුවෙන් ශරීරයේ අනවශ්‍ය මේද කොටස් තැන්පත්වීම වලකා දේහයට ශක්තිජනක බවක්ද ලබා දෙනවා.
වැදගත්ම කාරණය නම් විශේෂ ආහාර පාලනයකින් තොරව ඔබේ රුචියට අනුව අහාර ගනිමින්ම බර පාලනය කිරීමට හැකි වීමයි. මේ සඳහා පහත ස්ථාන ස්මභාහනයට ලක්කරන්න...
1.කන්
ඔබේ කන් මහපටඟිල්ල භාවිතයෙන් විනාඩි තුනක් පමණ සම්භාහනය කරන්න.ඒ මත මෘදු හා නොවෙනස් පීඩනයක් යොදන්න.මේ ආකාරයට දිනකට තෙවරක් සම්බාහනය කරන්න.මෙමගින් ඔබේ දේහයේ පරිවෘතික වේගය ඉහල නංවා දේහයේ බර අඩුවීම ශීග්‍රයෙන් ඉහල දමනවා.
2.අත්
සමස්ථ දේහයේම අභ්‍යන්තර ශක්තිය ඔබේ අත් හරහා සංසරණය වෙනවා.එබැවින් දේහයේ වැගත්ම කේන්ද්‍රය ඔබේ අත් මත පිහිටනවා.මේ ස්ථානය සම්බාහනය කිරීමෙන් අතිරික්ත දේහ තාපය බැහැරකරන අතර මහාන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයද වැඩිදියුණු කරනවා.මේ ස්ථානය දවසට දෙවරක් හෝ තෙවරක් මිනිත්තුව බැගින් සම්භාහනය කරන්න.
3.මුහුණ
ඔබේ නාසය හා උඩු තොල අතර ස්ථානය අවමය මිනිත්තු පහක් බැගින් දිනකට දෙවරක් සම්භාහනය කරන්න.මේ ස්ථානය සම්බාහනය කිරීම අධ්‍යාතතිය(stress) හේතුවෙන් වැඩි අහාර ප්‍රමානයක් ගැනීමට පෙළඹෙන පුද්ගලයින් සඳහා විශේෂයෙන් යහපත්.තවද මෙය දැඩි කුසගිනි වේදනාව සහ කාංසාව(anxiety) දුරලීමටද දාක වෙනවා.
4.පාද
මේ කේන්ද්‍රස්ථානය පිහිටන්නේ හරියටම දනහිස් පොල්කට්ටට පහලින්.ඒම ස්ථානය නිවැරදිවම හඳුනාගැනීමට ඔබේ දණහිස් පොල්කට්ට ආවරණය වන පරිදි ඒ මත අත්ල තබන්න.දකුණු පාදය සඳහා ඔබේ වමත තබා සුලඟිල්ල කෙලවර හා වෙදඟිගල්ල අතර ස්ථානය සම්භාහනයට ලක්කරන්න.මේ කේන්දය දීර්ගායුශ්මක කේන්ද්‍රය ලෙසත් සූ සන් ලී කේන්ද්‍රය(Zu San Li) ලෙසද හඳුන්වනවා.මෙම ස්ථානය සම්බාහනය කිරීම ආහාර ජීර්ණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරනු ලබන අතර ප්‍රදාහය වැනි තත්වයන් ඇතිවීම අවම කරනවා.තවද මෙම ස්ථානය කටු චිකිත්සාවේදී වැඩි වශයෙන්ම භාවිත වන කේන්ද්‍රයද වනවා.මෙම ස්ථානය දිනපතා මිනිත්තු 5ක කාලයක් දක්ශිනාවර්තව(clockwise) සම්භාහනය කිරීමෙන් සතියක කාලයක් තුලදී උපරිමය රාත්තල් 1ක් දක්වා බර අඩු කරගැනීමේ හැකියාව පවතිනවා.නමුත් රාත්‍රී කාලයේදී මෙම ස්ථානය සම්බාහනය කිරීමෙන් වැළකිය යුත්තේ එමගින් අනිද්‍රාව(insomnia) හෙවත් නින්ද නොයෑමේ තත්වයක් ඇතිවන බැවිනි.
මේ කෙන්ද්‍රස්තානයන් සම්භාහනය කිරීමේදී ඔබට යම් වේදනාවක් හෝ අපහසුතාවයක් දැනෙනු ඇති.කලබල වෙන්න එපා.එහි අරුත නම් ඔබ නිවැරදි ස්ථානයම සම්භාහනය කරන බවයි.ඔබට යහපත් ප්‍රතිපල ලබෙනු ඇති.

0 comments:
Post a Comment